නිතර අසනු ලබන ප්‍රශ්න

මූල්‍ය ස්ථායිතාව

මූල්‍ය පද්ධති ස්ථායීතාවය යනු කුමක් ද ?

මූල්‍ය පද්ධති ස්ථායීතාවය යනු එහි ප්‍රධාන කාර්යයන් වන ඉතිරි කරන්නන්ගෙන් ආයෝජකයන්ට සම්පත් වෙන්කිරීම, අවදානම තුනී කිරීම සහ අවාසිදායක කම්පනයන් හා ආතති ඇතිවිය හැකි අවස්ථාවන් ද ඇතුළත්ව සෑම විටම කාර්යක්ෂමව ගෙවීම් හා පියවීම් කටයුතු කළ හැකිවන පරිදි මූල්‍ය පද්ධතියට ක්‍රියාකළ හැකිවීමයි. ස්ථායී මූල්‍ය පද්ධතියක් තුළ මූල්‍ය ආයතන, වෙළෙ පොළවල් සහ ගෙවීම් පියවීම් පද්ධතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක වන අතර, එහිදී බැංකු, මූල්‍ය, ගෙවීම් පියවීම් සම්බන්ධ අර්බුද නොමැත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණක් වශයෙන් මූල්‍ය ස්ථායීතාවය පවත්වාගෙන යන්නේ ඇයි ?

එක් අතකින් මුදල් ප්‍රතිපත්තිය කාර්යක්ෂම ලෙස පවත්වාගෙනයාම සහ ගෙවීම් පියවීම් පද්ධතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරිම සඳහා මූල්‍ය පද්ධති ස්ථායීතාවය අත්‍යවශ්‍ය වේ. අනෙක් අතට මූල්‍ය අස්ථායීතාවය නිසා අධික හානි සහ රාජ්‍ය මූල්‍ය වියදම් මගින් මූල්‍ය පද්ධතිය පිළිබඳ මහජනතාවගේ විශ්වාසය අඩු කිරීමට හේතුවේ.

මහ බැංකුව මූල්‍ය පද්ධති ස්ථායීතාවය පවත්වාගන්නේ කෙසේද ?

අවශ්‍ය නීතිමය රාමුව ස්ථාපනය කිරීම, ප්‍රධාන මූල්‍ය වෙළෙ ඳපොළ නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම, ගෙවීම් පියවීම පද්ධතිය පාලනය කිරීම, අවසාන ණය දෙන්නා ලෙස කටයුතු කිරිම සහ සමස්ථ මූල්‍ය පද්ධතියම නිරීක්ෂණය කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය පද්ධති ස්ථායීතාවය ඇති කිරිම සඳහා වන සිය වගකීම ඉටුකිරිමට කටයුතු කරනු ලබයි.