"සමාගමකට BOI අනුමැතිය ලබා ගන්නේ කෙසේද?" මාර්ගගත සම්මන්ත්‍රණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ උනන්දුවක් දක්වන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සංවිධානය කරන ලද "සමාගමකට BOI අනුමැතිය ලබා ගන්නේ කෙසේද?" මාර්ගගත සම්මන්ත්‍රණය 2021 පෙබරවාරි මස 08 වන දින Zoom මෘදුකාංගය ඔස්සේ සහ මුහුණුපොත (Facebook) හරහා සජීවීව සාර්ථකව පැවැත්විණි.