2017 පෙබරවාරි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2017 වසරේ පෙබරවාරි මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය පුළුල් වීම, සංචාරක ඉපැයීම් පහළ යෑම සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල මධ්‍යස්ථ වර්ධනය සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් මන්දගාමීව පැවතුණි. අපනයන පහළ යෑම සහ ප්‍රධාන වශයෙන් ඉන්ධන සහ සහල් ආනයනය ඉහළ යෑම හේතුවෙන් සමස්ත ආනයන වියදම ඉහළ යෑම මධ්‍යයේ පෙබරවාරි මාසයේ දී වෙළඳ හිඟයේ සැලකිය යුතු පුළුල් වීමක් වාර්තා විය. පෙබරවාරි මාසය තුළ දී සංචාරක පැමිණීම් සුළු වශයෙන් අඩුවීමත් සමඟ සංචාරක ඉපැයීම් පහළ ගිය අතර, ධාවන පථය අළුත්වැඩියා කිරීමේ කටයුතු වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දිවා කාලයේ දී වසා තැබීම ඒ සඳහා යම් තරමකට හේතු විය. පෙබරවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්හි වර්ධනය  අපේක්ෂිත මට්ටමට වඩා අඩු මට්ටමක පැවතුණි. තවද, මෙම මාසය තුළ දී  රජයේ සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් සැලකිය යුතු ගෙවීම් වාර්තා වීම මූල්‍ය ගිණුම වෙත අහිතකර බලපෑමක් ඇති කළේය. කෙසේ වෙතත්, මාසය තුළ දී ප්‍රාථමික හා ද්විතීයික වෙළඳපොළ වෙත වූ ලැබීම් සමඟ  කොළඹ කොටස් වෙළඳපොළෙහි යම් විදේශීය ආයෝජන ප්‍රමාණයක් වාර්තා විය. 

එනමුදු, විදේශීය අංශය වෙත වූ පීඩනය 2017 පෙබරවාරි මාසයට පසු කාලපරිච්ඡේදය තුළ  සිදු වූ අපනයන ක්‍රියාකාරිත්වයෙහි වැඩිදියුණු වීම, කොළඹ කොටස් වෙළඳපොළ වෙත වූ ආයෝජන සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත වූ ලැබීම් මෙන්ම එ.ජ. ඩොලර් බිලියන 1.5 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව සහ එ.ජ. ඩොලර් මිලියන 450 ක ඒකාබද්ධ ණය මුදල තුළින් යම් තරමකට ලිහිල් විය.  

  

FULL TEXT

Published Date: 

Thursday, May 25, 2017