"විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මිරිස්ස ප්‍රදේශයේ ධීවර ප්‍රජාව සඳහා පවත්වන ලද "විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන 2020 සැප්තැම්බර් මස 11 වන දින මිරිස්ස ශ්‍රී සුනන්දාරාමයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා 91 ක පිරිසක් සහභාගී වූහ.