"ශ්‍රී ලංකා මූල්‍ය සේවා පිළිබඳ මග පෙන්වීමක්" යන නව මහ බැංකු ප්‍රකාශනය එළි දක්වයි

ශ්‍රී ලංකාවේ මූල්‍යායතන පිළිබඳ ව පොදු මහජනතාවගේ දැනුම්වත්භාවය උදෙසා විශේෂයෙන් සැකසුණු නවතම මහ බැංකු ප්‍රකාශනය වන “A Guide ti Financial Services in Sri Lanka” දැන් නිකුත් වී ඇත. 1995 නොවැම්බර්සිට 2004 ජූනි දක්වා මහ බැංකු අධිපති වූ ඒ. එස්. ජයවරර්ධන මහතාට උපහාර පිණිස එළිදැක්වුණු මෙම ප්‍රකාශනය මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරිමහතා විසින් රචනා කොට ඇත. ඒ. එස්. ජයවර්ධන මහතාගේ යෝජනාවක් සහ මග පෙන්වීම යටතේ සමරසිරිමහතා විසින් 2002 වසරේඅප්‍රේල් මාසයේ දීමුල් වරට රචනා කොට නිකුත් කළ මෙම ප්‍රකාශනයේ අරමුණු වූයේ ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවාවන් පිළිබඳ මූලික දැනුමක් පොදු මහජනතාවට ලබා දීමයි.

ශ්‍රී ලංකාවේ පවතින විවිධ මුල්‍ය ආයතන, ඒවායින් මහජනතාවට ලබාගත හැකි සේවාවන්, මහ බැංකුවෙන් බලයලත් විවිධ මූල්‍යායතන පිළිබඳ නාමාවලිය, නියාමනය හා අධීක්ෂණයේ ස්වභාවය, එම ආයතන සමග කෙරෙන මහජන ගනුදෙනුවල සුරක්ෂිතභාවය යනාදිය පිළිබඳ ව ප්‍රයෝජනවත් මූලික කරුණු රාශියක් කියවීමට පහසු සරල බසින් මෙහි ඉදිරිපත් කෙරේ. මෙම ප්‍රකාශනයේ සිංහල හා දෙමළ ප්‍රකාශනයන් ද ළඟදී ම එළි දැක්වීමට නියමිත ය.

රු. 50.00කට මිල කර ඇති මෙම ප්‍රකාශනය, කොළඹ 1 චැතැම් වීදියේ සහ රාජගිරියේ මහ බැංකු විදු පියෙසේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ අලෙවි ප්‍රකාශන අලෙවි කවුළුවලින් සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් දැන් මිල දීගත හැකි ය.

Published Date: 

Thursday, May 18, 2017