කොවිඩ්-19 ගෝලීය වසංගතයේ අභියෝගය සාර්ථකව මැඩ පැවැත්වීම සඳහා වූ රජයේ පැහැදිලි හා කඩිනම් වැඩපිළිවෙල සමග එක් වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන දැඩි බලපෑම අවම කිරීම සඳහා කඩිනම් වූත්, තිරසාර වූත් පිළියම් සහ පියවර රැසක් හඳුන්වා දෙන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුවේ එම ක්ෂණික ධනාත්මක ප්‍රතිචාරය, ලොව පුරා මහ බැංකුවල ක්‍රියාකාරකම් පිළිබඳව නිරන්තර විමසුමෙන් සිටින ජාත්‍යන්තර මාධ්‍ය මගින් පවා පැසසුමට ලක් කරනු ලැබිණි. උදාහරණ වශයෙන් “කොරෝනා වයිරසයෙන් මූල්‍ය වෙළඳපොළට සිදු වන බලපෑම් හඳුනාගෙන ජනතාවට සහන සැලසීම සඳහා මුලින් ම ප්‍රතිපත්තිමය පොලී අනුපාතික අඩු කළ මහ බැංකුව” ලෙස “www.centralbanknews.info” වැනි මාධ්‍ය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව නම් කර තිබීම දැක්විය හැකි ය.
Thursday, June 25, 2020