2020 මාර්තු 23 වන දින බැංකු කටයුතු

මහජනතාවට අත්‍යවශ්‍ය බැංකු සේවා සැපයීම සඳහා 2020 මාර්තු 23 වන දින පොලිස් ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ බැංකුවලින් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් හැකි සෑම විට ම ගෙවීම් ඇතුළු බැංකු කටයුතු සඳහා මංගත උපකරණ (on-line instruments) භාවිත කරන ලෙසත් මුදල් ගැනීම සඳහා තදබදය අඩු ස්ථානවල පිහිටි ATM යන්ත්‍ර භාවිත කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දන්වා සිටී.

එ වැනි සේවා ලබා දීමේදීත්, සේවා ලබා ගැනීමේදීත් අත්‍යවශ්‍ය සෞඛාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස බැංකු ආයතනවලට මෙන් ම මහජනතාවට ද ශ්‍රී ලංකා මහ බැංකුව මෙයින් උපදෙස් දෙනු ලැබේ.

Published Date: 

Sunday, March 22, 2020