"ව්‍යාපෘති වාර්තා සැකසීම" පිළිබඳ පුහුණු වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සිටින සංවර්ධන නිලධාරීන් සහ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද "ව්‍යාපෘති වාර්තා සැකසීම" පිළිබඳ පුහුණු වැඩසටහන 2020 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.