"විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය, මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ සහයෝගය ඇතිව කුඩාවැල්ල ප්‍රදේශයේ ධීවර කාන්තාවන් සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන 2019 නොවැම්බර් මස 26 වන දින තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.