"ව්‍යාපෘති වාර්තා සැකසීම" පිළිබඳ පුහුණු වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන සංවර්ධන නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද "ව්‍යාපෘති වාර්තා සැකසීම" පිළිබඳ පුහුණු වැඩසටහන 2019 සැප්තැම්බර් මස 27 වන දින ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.