"මහන මැෂින් අළුත්වැඩියාව පිළිබඳ පුහුණු වැඩසටහන”

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ ඇඟළුම් ක්ෂේත්‍රයේ නියුතු ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "මහන මැෂින් අළුත්වැඩියාව පිළිබඳ පුහුණු වැඩසටහන” 2019 ජූලි මස 17 සහ 18  දෙදින තුළ දී වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.