"ප්‍රමිතිකරණය සහ තත්ත්ව කළමනාකරණය පිළිබඳ වැඩසටහන” සහ “පාරිභොගික සේවා පිළිබඳ පුහුණු වැඩසටහන“

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ සහයෝගය ඇතිව මාතර දිස්ත්‍රික්කයේ ආහාර තාක්ෂණ නිෂ්පාදනයන් සිදු කරන ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන "ප්‍රමිතිකරණය සහ තත්ත්ව කළමනාකරණය පිළිබඳ වැඩසටහන” සහ “පාරිභොගික සේවා පිළිබඳ පුහුණු වැඩසටහන“ 2019 මැයි මස 30 දින පෙ.ව. 8.30 සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මෙම වැඩසටහන සඳහා මාතර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය විසින් සම්පත්දායකත්වය සපයනු ලැබේ.