මාතර දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා "ඵලදායීතාව පිළිබඳ ධාරිතා සංවර්ධන වැඩසටහන"

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "ඵලදායීතාව පිළිබඳ ධාරිතා සංවර්ධන වැඩසටහන" 2019 මාර්තු මස 14 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.