‘මූල්‍ය සාක්ෂරතාව’ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ රූපලාවන්‍ය ශිල්පීන් සඳහා සංවිධානය කරන ලද ‘මූල්‍ය සාක්ෂරතාව’ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 26 වන දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සාර්ථක ව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා 47ක පිරිසක් සහභාගී වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරු මිගාර හඳුන්ගේ මහතා විසින් සම්පත්දායකත්වය ලබා දෙන ලදී.