2016 පෙබරවාරි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 ජනවාරි මාසයේ දී වාර්තා කළ සියයට -0.7 හි සිට 2016 පෙබරවාරි මාසයේ දී සියයට 1.7 දක්වා ඉහළ ගියේ ය. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ආහාර කාණ්ඩයේ සමස්ත මිල පහළ යෑම ඉක්මවා යමින් මධ්‍යසාර පාන වර්ග සහ දුම්කොළ; රෙදිපිළි හා පාවහන්; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු; සෞඛ්‍ය; ප්‍රවාහන සහ විවිධ භාණ්ඩ හා සේවා යන උප කාණ්ඩවල දක්නට ලැබුණු සැලකිය යුතු මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන් ආහාර නො වන කාණ්ඩය ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් දායක විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 ජනවාරි මස වාර්තා වූ සියයට 2.9 හි සිට 2016 පෙබරවාරි මස දී 2.6 දක්වා පහළ ගියේ ය. 

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සැලකූ විට එම දර්ශකය 2016 ජනවාරි සිට 2016 පෙබරවාරි දක්වා සියයට 1.1කින් පහළ ගියේ ය. ආහාර හා මධ්‍යසාර නො වන පාන වර්ග අයත් කාණ්ඩයේ අයිතමයන්හි මිල ගණන් පහළ යෑම, දර්ශකයේ මෙම මාසික පහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය. එළවළු, සහල්, අමු මිරිස්, ලොකු ළුෑණු, රතු ළුෑණු, අර්තාපල් සහ දෙහි මිල ගණන් මෙම මාසය තුළ දී පහළ ගියේ ය. මධ්‍යසාර පාන හා දුම්කොළ; නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු; සෙෘඛ්‍ය; සහ විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩවල මිල ගණන් ද 2016 පෙබරවාරි මාසය තුළ දී ඉහළ ගියේ ය. මේ අතර, රෙදිපිළි හා පාවහන් සහ ප්‍රවාහන උප කාණ්ඩවල මිල ගණන් 2016 පෙබරවාරි මාසය තුළ දී පහළ ගියේ ය. සන්නිවේදන; විනෝදාත්මක හා සංස්කෘතික; අධ්‍යාපන; ආපනශාලා සහ හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩවල මිල ගණන් මෙම ම‍ාසය තුළ නො වෙනස් ව පැවැතුණි.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, March 21, 2016