ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතු

ශ්‍රී ලංකා රජය, 2007 වසරේ සිට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරයි. නිදහස ලැබීමේ සිට මේ දක්වා ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ද ඇතුලත් වන්නා වූ තම ණය වගකීම් කළට වේලාවට සේවාකරණය කිරීම මගින් නිකැළැල් වාර්තාවක් පවත්වාගෙන ඇත.

2014 වසරේ ජනවාරි හා අප්‍රේල් යන මාසවලදී නිකුත් කරන ලද පිළිවෙළින් ඇ.එ.ජ. ඩොලර් මිලියන 1,000 ක් සහ 500 ක් වූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර, 2019 ජනවාරි හා අප්‍රේල් යන මාසවලදී කල් පිරීමට නියමිතය. 2019 වසරේදී කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම් සිදු කිරීම සඳහා අවශ්‍ය අරමුදල් උපාය මාර්ගික නොවන වත්කම් විකිණීමෙන් සහ කාලීන ඒකාබද්ධ ණය පහසුකම් ලබාගැනීම මගින් ශ්‍රී ලංකා රජය විසින් මේ වන විට සම්පාදනය කරගෙන ඇත.

ජාත්‍යන්තර වෙළෙදපොලට ප්‍රවේශවීම සදහා යෝග්‍යතම අවස්ථාව තවදුරටත් ගවේෂණය කරන අතර ජාත්‍යන්තර වෙළෙඳපොළ මත පදනම් වූ විදේශ අරමුදල් මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීම සඳහා සාම්ප්‍රදායික යුරෝඩොලර් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර වෙළදපලට පරිබාහිර වෙනත් අන්තර්ජාතික ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා රජය හා ශ්‍රි ලංකා මහ බැංකුව විසින් දැනටමත් ගෙන ඇත.

Published Date: 

Wednesday, October 31, 2018