රුපියල අවප්‍රමාණයවීම පිළිබඳ නොමග යවන සුළු පුවත්පත් වාර්තා සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිචාරය

”Government and CB have abdicated vital statutory duty by not being able to deal with rupee depreciation” යන මැයෙන් ඔක්තෝබර් 08 සහ 09 යන දිනවල විවිධ පුවත්පත්වල පළවූ ලිපිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පහත දැක්වෙන ප්‍රකාශය ඉදිරිපත් කිරීමට අදහස් කරයි.

ශ්‍රී ලංකාවේ ඵලදායි සම්පත් සංවර්ධනය දිරිගැන්වීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ දැක්ම සහිතව, අ) ආර්ථික හා මිල ස්ථායිතාව; සහ ආ) මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව සුරක්ෂිත කීරීමේ ව්‍යවස්ථාපිත වගකීම මුදල් නීති පනත මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පවරා ඇත. අභ්‍යන්තර හා බාහිර කම්පනයන්ට සාර්ථකව මුහුණදීමට ඇති හැකියාව මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව ලෙස හඳුන්වන අතර, ඉහළ සහ තිරසාර මට්ටමක ආර්ථික වර්ධනයට උපකාරී වන ආර්ථික සාධක පවත්වා ගැනීමට ඉවහල් වන ලෙස උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම මිල ස්ථායිතාව ලෙස නිර්වචනය කෙරේ.

උද්ධමනය පිළිබඳ පසුගිය දත්ත පෙන්නුම් කරන පරිදි (රූප සටහන 1) අතීතයේ සමහර කාලවල මෙන් නොව අඛණ්ඩව අවුරුදු දහයක කාලයක් පුරා උද්ධමනය තනි අගයක පවත්වා ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෑත කාලයේ මිල ස්ථායිතාව පවත්වා ගැනීමේ සිය ව්‍යවස්ථාපිත වගකීම සාර්ථකව ඉටු කර ඇති බව කිව හැකිය. මෙමගින් ආර්ථිකයේ අස්ථාවරභාවය අඩුවනු ඇතැයි සහ අනාගතයේ ඉහළ ආර්ථික වර්ධනයක් සඳහා උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්ති රාමුව ලෙස හඳුන්වා දීමට කටයුතු කරන නම්‍යශීලි උද්ධමන ඉලක්කකරණය මගින් උද්ධමනය තනි මැද අගයක තිරසාර පදනමකින් පවත්වාගෙන යාමට ද මහ බැංකුවට හැකියාව ලැබෙනු ඇත.

 

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, October 11, 2018