ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද භාණ්ඩ සඳහා ලද ගෙවීම් නැවත මෙරටට රැගෙන ඒම

රට තුළට විදේශ විනිමය ගලා ඒම වැඩිදියුණු කිරීම සඳහා වර්තමානයේ ගනු ලබන ප්‍රතිපත්තිමය පියවරයන්හි කොටසක් වශයෙන් ගරු මුදල් අමාත්‍යවරයා විසින් පහත කරුණු අඩංගු අංක 19600/66 දරන 2016 අප්‍රේල් 1 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත. 

      1. ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ සඳහා ගෙවීම් කිරීම සම්බන්ධයෙන් 1993 මාර්තු 26 දිනැති අංක 759/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් ලබා දී තිබූ නිදහස් කිරීම අවලංගු කිරීම
      2. 2016 අප්‍රේල් 1 දින වන විට ශ්‍රී ලංකාවෙන් පිටත රඳවා ගෙන ඇති එ වැනි ඕනෑ ම ගෙවීමක් 2016 මැයි 1 දිනට පෙර ශ්‍රී ලංකාවට රැගෙන ඒම අනිවාර්ය කිරීම
      3. 2016 අප්‍රේල් 1 දින හෝ ඉන් පසු ව ලැබෙන එ වැනි ඕනෑ ම ගෙවීමක් භාණ්ඩ අපනයනය කිරීමේ දින සිට දින 90ක් ඇතුළත ශ්‍රී ලංකාවට රැගෙන ඒම අනිවාර්ය කිරීම

මෙම ඉපැයීම් බලය ලත් වාණිජ බැංකුවක, දේශීය බැංකු ඒකකයක අපනයනකරුගේ නමින් පවත්වා ගෙන යන ඕනෑ ම විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට බැර කිරීමට හෝ බලය ලත් වාණිජ බැංකුවකට විකිණීම කළ හැක.

Published Date: 

Friday, April 22, 2016