භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි සම්බන්ධයෙන් මුදල් මණ්ඩලයේ නිවේදනය

2016 මාර්තු අග භාගයේ දී සිදු කෙරුණු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි හා අදාළ ව මෑතක දී පළ වූ ලිපි මෙන් ම ඒ පිළිබඳ ව වූ සාකච්ඡා තුළින් මතු කරන ලද එම ක්‍රියාවලියේ විනිවිදභාවය සම්බන්ධයෙන් නගන ලද චෝදනා හා බැදේ. 2015 පෙබරවාරි සිට හඳුන්වා දෙන ලද සම්පූර්ණයෙන් ම වෙළෙඳපොළ මත පදනම් ව සිදු කරන ලද නිකුතු වෙන්දේසි ක්‍රියාවලිය ම මෙම චෝදනාවන්ට බඳුන් වූ වෙන්දේසි තුළ දී ද අනුගමනය කරන ලද බව මහජනතාවට දැනුම් දෙනු කැමැත්තෙමු. 

රජයේ විශාල සම්පත් අවශ්‍යතා පිළිබඳ ව මුදල් මණ්ඩලය සැලකිල්ලට ගෙන ඇත. අමතර වශයෙන් 2016 වසර මුල දී මූල්‍ය ප්‍රතිපත්ති අවශ්‍යතා මත සිදු කරන ලද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයන්හි ඉහළ දැමීම මෙන් ම අනතුරු ව සිදු කරන ලද ප්‍රතිපත්ති පොලී අනුපාතයන්හි ඉහළ දැමීම ද හේතු කොට ගෙන භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරයන්හි ඵලදා අනුපාතයන් ඉහළ යන ලදි.

පවතින හා ඉදිරියේ පැන නැගිය හැකි රජයේ මූල්‍ය අවශ්‍යතා සැලකිල්ලට ගෙන මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් නිර්දේශයන් සිදු කර ඇත.

  1. අදාළ කළමනාකරණ කණ්ඩායම් විසින්,
    • වෙන්දේසියක් සිදු කිරීමට පෙරාතුව වෙළෙඳපොළ තත්ත්වයන් පිළිබඳ ව සියලු ප්‍රාථමික අලෙවිකරුවන් සමඟ සාකච්ඡා කිරීම හා පැහැදිලි හා නිශ්චිත නිකුතු වෙන්දේසි කාල සටහනක් පවත්වා ගැනීම
    • ප්‍රසිද්ධ වෙන්දේසි සම්බන්ධ ව කරන ලද නිවේදනයන්හි අපේක්ෂිත නිකුතු ප්‍රමාණයන්ට සාපේක්ෂ ව පිළිගන්නා ලද ප්‍රමාණයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ව පිළිගත් ක්‍රමවේද අධ්‍යයනය කොට මහ බැංකුව විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පිළිබඳ ව මුදල් මණ්ඩලයට යෝජනා කිරීම
  • සේවක අර්ථසාධක අරමුදල සක්‍රීය ලෙස ප්‍රාථමික වෙන්දේසි සඳහා සහභාගී වීම
  •  

    Published Date: 

    Thursday, June 2, 2016