සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. තැන්පත්කරුවන්ට හානිපූරණයන් ගෙවීම ආරම්භ කිරීම

මුදල් ව්‍යාපාර පනතේ 37(3) වගන්තියට අනුකූල ව 2018.03.05 දින සිට වලංගු වන පරිදි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. ආයතනයට නිකුත් කරනු ලැබූ බලපත්‍රය මුදල් මණ්ඩලය විසින් අවලංගු කරන ලදි.

2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි (සංශෝධනය කරන ලද) ප්‍රකාර ව 2018.08.27 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. ආයතනයේ රක්ෂණය කරන ලද තැන්පත්කරුවන් සඳහා හානිපූරණ ගෙවීම් ආරම්භ කරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව සතුටින් දැනුම් දෙනු ලබයි.

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. ආයතනයේ සුදුසුකම්ලත් හා හිමිකම්පාන ලද සියලු තැන්පත්කරුවන් සඳහා ගෙවා නිම වන තුරු හානිපුරණ ගෙවීම් නො නවත්වා සිදු කර ගෙන යනු ලැබේ.  එ බැවින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඔබගේ ගෙවීම ලබා ගැනීම සඳහා දැනුම් දෙන තුරු ඉවසිලිමත් ව සිටින මෙන් සුදුසුකම්ලත් තැන්පත්කරුවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.

තව ද, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි ප්‍රකාර ව, 2018.07.25 දින සිට ක්‍රියාත්මක වන පරිදි “ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්“ ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීමට මුදල් මණ්ඩලය ගත් තීරණය සමඟ එම ආයතනයේ සුදුසුකම්ලත් තැන්පත්කරුවන් සඳහා හානිපූරණ ගෙවීම් සිදු කිරීම යථා කාලයේ දී කරන බව ද මේ සමඟ දැනුම් දෙනු ලැබේ.

 

Published Date: 

Monday, August 27, 2018