පළාත් දළ දේශීය නිෂ්පාදිතය - 2016

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන නාමික අගය මත දළ දේශීය නිෂ්පාදිතය පළාත් අනුව බෙදා හැරීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් 2016 වසර සඳහා පළාත් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන ලදි. සමස්ත දළ දේශීය නිෂ්පාදිතය පළාත් අනුව ගනනය කිරීමේ දී එහි එක් එක් අයිතමයේ වටිනාකමට අදාළ පළාත් මට්ටමින් සකස් කර ගත් දර්ශක යොදා ගන්නා ලදි. 

2016 වසරේ දී නාමික අගය අනුව දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 11,839 දක්වා සියයට 8.1කින් වර්ධනය වූ අතර ඒක පුද්ගල ආදායම රුපියල් 558,363 (එක්සත් ජනපද ඩොලර් 3,835) ක් විය. 2016 වසරේ පළාත් දළ දේශීය නිෂ්පාදිතයේ සමස්ත ක්‍රියාකාරිත්වය රටේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය ප්‍රවණතාව සහ ආර්ථික කටයුතුවල වර්ධනය වීම පිළිබිඹු කරයි. කෟෂිකාර්මික කටයුතුවල මන්දගාමී ක්‍රියාකාරිත්වය, කෟෂිකාර්මාන්ත අංශය ප්‍රධාන ආර්ථික අංශය බවට පත් වූ පළාත්වල මන්දගාමී ක්‍රියාකාරිත්වයට හේතු විය. බස්නාහිර පළාත, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 39.7කට දායක වෙමින් සමස්ත ආර්ථික ක්‍රියාකාරිත්වය අඛණ්ඩ ව මෙහෙයවනු ලැබූව ද ප්‍රාදේශීය ආර්ථික කටයුතු වර්ධනය වීම සමඟ අනෙකුත් පළාත්වල දායකත්වය ක්‍රමයෙන් වර්ධනය විය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, October 30, 2017