වසර 2020 අග භාගය වන විට බලපත්‍රලාභී බැංකුවල අවම ප්‍රාග්ධනය ඉහළ නංවයි

ශක්තිමත් සහ ගතික බැංකු අංශයක් තහවුරු කරලීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නංවන ලදි. මේ සඳහා සලකා බලනු ලබන ප්‍රාග්ධනය බොහෝ දුරට අලාභ දරා ගැනීමට හැකි වන පරිදි ඉහළ ම ධාරිතාවකින් යුතු උසස් ගුණාත්මක බවක් ඇති ප්‍රාග්ධනයකි. 

බැංකු සතු ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ බාසල් III රාමුව ක්‍රියාත්මක කිරීමට මෙම අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නැංවීම උපකාරී වන අතර බැංකු අංශය තුළ සිදු කරනු ලබන ඒකාබද්ධ කිරීම් සඳහා ද මෙය මග පෙන්වීමක් විය හැක.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Thursday, October 26, 2017