2025 ඔක්තෝබර් මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලපරිච්ජේදය තුළ මූල්‍ය බුද්ධි ඒකකය විසින් වාර්තාකරණ ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පනවනු ලැබේ. අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් වාර්තාකරණ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2025 වර්ෂයේ ඔක්තෝබර් මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලපරිච්ජේදය තුළ පහත දක්වා ඇති පරිදි රුපියල් ලක්ෂ එකසිය හතළිස් හය (රු.14,600,000.00) ක සමස්ත වටිනාකමකින් යුත් මුදලක් පරිපාලනමය දණ්ඩන ලෙස අයකරගෙන ඇත. එලෙස දණ්ඩන මඟින් අයකරගත් මුදල ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදි.

වාර්තාකරණ ආයතන

දණ්ඩන සහ අනුකූල නොවීම් වල විස්තර

මූල්‍ය ආයතන

එල් බී ෆිනෑන්ස් පීඑල්සී

දණ්ඩනය පනවන ලද දිනය:           2025.10.03          

වටිනාකම                               :           රු. 1,000,000.00 (රුපියල් මිලියනයකි)

දණ්ඩනය ගෙවන ලද දිනය             :               2025.10.24

දණ්ඩනය පැනවීමට හේතුව: පසු විපරම් විතැන් පරීක්ෂණයකදී සිදු කල නියැදි පරීක්ෂාවකින් හමුවූ රුපියල් මිලියනයක් හෝ එයට සමාන විදේශ මුදල් වලින් වූ මුදල් ප්‍රමාණයක් ඉක්මවන ගනුදෙනු නවය (9) ක් නියමිත කාලපරිච්ජේදය ඇතුළත මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම පරිපාලනමය දණ්ඩනය පනවන ලදී.

කාර්ගීල්ස් බෑන්ක් පීඑල්සී

දණ්ඩනය පනවන ලද දිනය:         2025.10.10

වටිනාකම                               :       රු. 2,000,000.00 (රුපියල් මිලියන දෙකකි)

දණ්ඩනය ගෙවන ලද දිනය             :        2025.10.16

දණ්ඩනය පැනවීමට හේතුව: 

i.එතැන් පරීක්ෂණයේදී සිදු කල නියැදි පරීක්ෂාවකින් හමුවූ රුපියල් මිලියනයක් හෝ එයට සමාන විදේශ මුදල් වලින් වූ මුදල් ප්‍රමාණයක් ඉක්මවන විද්‍යුත් අරමුදල් හුවමාරු වීමේ ගනුදෙනු දහ අට (18) ක් නියමිත නියමිත කාලපරිච්ජේදය ඇතුළත මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමට අපොහොසත් වීම, සහ

ii.2025.02.20 දිනැති අංක 2424/51 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා (UNSCR) අංක 1373 ට අනුකූලව 2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ නියෝග යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන වල සම්පූර්ණ ලැයිස්තුවක් පවත්වා ගැනීමට අපොහොසත් වීම,

හේතුවෙන් මෙම පරිපාලනමය දණ්ඩනය පනවන ලදී.

ඉහත සඳහන් දුර්වලතාවය එක්සත් ජාතීන්ගේ නියෝග යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන වල ලැයිස්තු යාවත්කාලීන කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ඇති වූවක් වුව ද, එම යෝජනාවන් යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන සමඟ බැංකුව විසින්, ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වූ අවස්ථා එතැන් පරීක්ෂණයෙන් අනාවරණය නොවීය.

ඉහත අනුකූල නොවීම්, අවදානම් මත පදනම් වූ එතැන් පරීක්ෂණයකදී හඳුනා ගන්නා ලදී.

එල් ඕ එල් සී සෙකියුරිටීස් ලිමිටඩ්

දණ්ඩනය පනවන ලද දිනය:         2025.11.26

වටිනාකම                               :       රු. 1,000,000.00 (රුපියල් මිලියනයකි)

දණ්ඩනය ගෙවන ලද දිනය             :        2025.12.17

දණ්ඩනය පැනවීමට හේතුව: අවදානම් මත පදනම් වූ එතැන් පරීක්ෂණයකදී සිදු කල නියැදි පරීක්ෂාවකින් හමුවූ රුපියල් මිලියනයක් හෝ එයට සමාන විදේශ මුදල් වලින් වූ මුදල් ප්‍රමාණයක් ඉක්මවන විද්‍යුත් අරමුදල් හුවමාරු වීමේ ගනුදෙනු දොළහ (12) ක් නියමිත කාලපරිච්ජේදය ඇතුළත මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම පරිපාලනමය දණ්ඩනය පනවන ලදී.

ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී

දණ්ඩනය පනවන ලද දිනය:         2025.12.03

වටිනාකම                               :       රු. 1,000,000.00 (රුපියල් මිලියනයකි

දණ්ඩනය ගෙවන ලද දිනය             :        2025.12.10

දණ්ඩනය පැනවීමට හේතුව: 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතට අනුකූලව, නව ව්‍යාපාරික සම්බන්ධතාවයක් ආරම්භ කිරීමට පෙර කිසියම් ගනුදෙනුකරුවෙකු, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා (UNSCRs) යටතේ නිකුත් කරන ලද කිසියම් නම් කරන ලද ලැයිස්තුවක ඇතුළත් නොවන බව ඵලදායී ලෙස සත්‍යාපනය කිරීමට සමාගම අපොහොසත් වීම හේතුවෙන් මෙම පරිපාලනමය දණ්ඩනය පනවන ලදී. සමාගම විසින් තම ගනුදෙනුකරුවන්, එලෙස නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන වල ලැයිස්තු වලට එරෙහිව සත්‍යාපනය කිරීමට ක්‍රමවේදයක් පැවතුන ද, නව ව්‍යාපාරික සම්බන්ධතා ආරම්භ කරන අවස්ථාවේදී ඇතැම් ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් එම පරීක්ෂාවන් සිදු කිරීමේ ප්‍රමාදයන් නිරීක්ෂණය විය.

පද්ධති සහ කාර්ය පටිපාටි වල ඉහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය වුව ද, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවන් යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන සමඟ සමාගම විසින්, ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වූ අවස්ථා එතැන් පරීක්ෂණයෙන් අනාවරණය නොවීය.

ඉහත අනුකූල නොවීම්, අවදානම් මත පදනම් වූ එතැන් පරීක්ෂණයකදී හඳුනා ගන්නා ලදී.

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී

දණ්ඩනය පනවන ලද දිනය:         2025.12.30

වටිනාකම                               :       රු. 3,000,000.00 (රුපියල් මිලියන තුනකි)

දණ්ඩනය ගෙවන ලද දිනය             :        2026.01.19

දණ්ඩනය පැනවීමට හේතුව: 

i.1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතට අනුකූලව, නව ව්‍යාපාරික සම්බන්ධතාවයක් ආරම්භ කිරීමට පෙර කිසියම් ගනුදෙනුකරුවෙකු, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා (UNSCRs) යටතේ නිකුත් කරන ලද කිසියම් නම් කරන ලද ලැයිස්තුවක ඇතුළත් නොවන බව ඵලදායී ලෙස සත්‍යාපනය කිරීමට සමාගම අපොහොසත් වීම, සහ

ii.එවැනි ලැයිස්තු යාවත්කාලීන වන විට සහ නිරන්තරයෙන්, එම ලැයිස්තුවල ඇතුළත් නම් කරන ලද පුද්ගලයෙකු හෝ ආයතනයක් සමඟ කිසිදු ව්‍යාපාරික සම්බන්ධතාවයක් නොපවතින බව සහතික කිරීම සඳහා පවතින පාරිභෝගික දත්ත සමුදාය ඵලදායී ලෙස පරීක්ෂා නොකිරීම,

හේතුවෙන් මෙම පරිපාලනමය දණ්ඩනය පනවන ලදී.

පද්ධති සහ ක්‍රියා පටිපාටිවල ඉහත සඳහන් දුර්වලතා හේතුවෙන්, 2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ නියෝග (UNSCR 1373) යටතේ යටතේ නම් කරන ලද පුද්ගලයින් තිදෙනෙකු (3) සමඟ සමාගම ව්‍යාපාරික සබඳතා ස්ථාපිත කර පවත්වාගෙන ගිය බවද එතැන් පරීක්ෂණයේදී අනාවරණය විය. ඒ අනුව,

iii.නම් කරන ලද පුද්ගලයින් සතුව ඇති සියලුම අරමුදල්, අනෙකුත් මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් අත්හිටුවීමට, සහ

iv.එවැනි ගනුදෙනුකරුවෙකු නම් කරන ලද පුද්ගලයෙකු ලෙස හඳුනාගත් අවස්ථාවේ සිට පැය 24 ක් නොඉක්මවන කාලයක් තුළ වහාම, එම ගනුදෙනුකරු විසින් තම ගිණුම්වල පවත්වාගෙන යනු ලබන අරමුදල්, අනෙකුත් මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් පිළිබඳ සම්පූර්ණ තොරතුරු, මූල්‍ය බුද්ධි ඒකකය වෙත දැනුම් දීමට සහ එම සන්නිවේදනයේ පිටපතක් නිසි බලධාරියා වෙත යොමු කිරීමට ද,

සමාගම තවදුරටත් අපොහොසත් විය.

ඉහත අනුකූල නොවීම්, ඉලක්කගත/ හදිසි එතැන් පරීක්ෂණයකදී හඳුනා ගන්නා ලදී.

ඉන්දියන් ඕවර්සීස් බෑන්ක්

දණ්ඩනය පනවන ලද දිනය:         2026.01.05

වටිනාකම                               :       රු. 1,000,000.00 (රුපියල් මිලියනයකි)

දණ්ඩනය ගෙවන ලද දිනය             :        2026.01.21

දණ්ඩනය පැනවීමට හේතුව: The administrative penalty was imposed as the Bank had failed to,

i.එතැන් පරීක්ෂණයේදී සිදු කල නියැදි පරීක්ෂාවකින් හමුවූ රුපියල් මිලියනයක් හෝ එයට සමාන විදේශ මුදල් වලින් වූ මුදල් ප්‍රමාණයක් ඉක්මවන ගනුදෙනු දහතුන (13) ක් නියමිත කාලපරිච්ජේදය ඇතුළත මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමට අපොහොසත් වීම,

ii.විද්‍යුත් ප්‍රේෂණ සිදු කිරීමේදී, 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතට අනුව සකස් කර ඇති රෙගුලාසි යටතේ නිකුත් කරන ලද, නම් කරන ලද පුද්ගලයන්ගේ ලැයිස්තුවලට එරෙහිව සියලුම ගනුදෙනුකරුවන් සත්‍යාපනය කිරීමට අපොහොසත් වීම,

iii.2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ නියෝග (UNSCR 1373) සහ 2012 අංක 2 දරන එක්සත් ජාතීන්ගේ නියෝග (UNSCR 1267) යටතේ ලැයිස්තුගත කර ඇති නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතනවල යාවත්කාලීන වූ සම්පූර්ණ ලැයිස්තුවක් පවත්වාගෙන යාමට අපොහොසත්වීම, සහ

iv.නම් කරන ලද පුද්ගලයින් හෝ ආයතන ලැයිස්තුව යාවත්කාලීන කිරීම සඳහා මූල්‍ය බුද්ධි ඒකකය වෙතින් දැනුම් දෙනු ලැබූ වහාම අදාල පරීක්ෂණ පද්ධතිය යාවත්කාලීන නොකිරීම,

හේතුවෙන් මෙම පරිපාලනමය දණ්ඩනය පනවන ලදී.

පද්ධති හා කාර්ය පටිපාටි වල ඉහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය වුව ද, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවන් යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන සමඟ බැංකුව විසින්, ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වූ අවස්ථා එතැන් පරීක්ෂණයේදී අනාවරණය නොවීය.

ඉහත අනුකූල නොවීම්, අවදානම් මත පදනම් වූ එතැන් පරීක්ෂණයකදී හඳුනා ගන්නා ලදී.

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී

දණ්ඩනය පනවන ලද දිනය:        2026.01.05 

වටිනාකම                               :       රු. 2,000,000.00 (රුපියල් මිලියන දෙකකි)

දණ්ඩනය ගෙවන ලද දිනය             :        2026.01.26

දණ්ඩනය පැනවීමට හේතුව: 

i.එතැන් පරීක්ෂණයේදී සිදු කල නියැදි පරීක්ෂාවකින් හමුවූ රුපියල් මිලියනයක් හෝ එයට සමාන විදේශ මුදල් වලින් වූ මුදල් ප්‍රමාණයක් ඉක්මවන ගනුදෙනු නවය (9) ක් නියමිත කාලපරිච්ජේදය ඇතුළත මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමට අපොහොසත් වීම,

ii.2012 අංක 01 දරන එක්සත් ජාතීන්ගේ නියෝග (UNSCR 1373), 2012 අංක 2 දරන එක්සත් ජාතීන්ගේ නියෝග (UNSCR 1267) සහ 2017 එක්සත් ජාතීන්ගේ (කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජයට අදාළ සම්බාධක) නියෝග (UNSCR 1718) යටතේ නිකුත් කරන ලද නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතනවල සම්පූර්ණ ලැයිස්තුවක් පවත්වාගෙන යාමට අපොහොසත් වීම,

iii.2025 පෙබරවාරි 25 වන දින අංක 2424/51 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා අංක 1373 යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුව යාවත්කාලීන කිරීම සඳහා මුල්‍ය බුද්ධි ඒකකය වෙතින් දැනුම් දෙනු ලැබූ වහාම අදාල පරීක්ෂණ පද්ධතිය යාවත්කාලීන නොකිරීම,

iv.සමූහ රක්ෂණ ඔප්පු ලබා දීමේදී, 2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ නියෝග, 2012 අංක 2 දරන එක්සත් ජාතීන්ගේ නියෝග සහ 2017 එක්සත් ජාතීන්ගේ (කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජයට අදාළ සම්බාධක) නියෝග යටතේ නිකුත් කරන ලද නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන වල ලැයිස්තුවලට එරෙහිව කිසියම් ගනුදෙනුකරුවෙකු, අනාගත ගනුදෙනුකරුවෙකු හෝ ප්‍රතිලාභියෙකු සත්‍යාපනය නොකිරීම, සහ

v.සමාගමේ ගනුදෙනුකරුවන් අතරින් හඳුනාගෙන ඇති දේශපාලනික වශයෙන් අනාවරණය වූ පුද්ගලයන් (PEP) සමඟ ව්‍යාපාරික සම්බන්ධතාවය ඇති කර ගැනීමට පෙර අවශ්‍ය ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව අනුමැතිය ලබා නොගැනීම,

හේතුවෙන් මෙම පරිපාලනමය දණ්ඩනය පනවන ලදී.

පද්ධති හා කාර්ය පටිපාටි වල ඉහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය වුව ද, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවන් යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන සමඟ සමාගම, ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වූ අවස්ථා එතැන් පරීක්ෂණයේදී අනාවරණය නොවීය.

ඉහත අනුකූල නොවීම්, අවදානම් මත පදනම් වූ එතැන් පරීක්ෂණයකදී හඳුනා ගන්නා ලදී.

නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීන්

කළම්බො ජුවලරි ස්ටොර්ස් ප්‍රයිවට් ලිමිටඩ්

දණ්ඩනය පනවන ලද දිනය:         2025.10.11

වටිනාකම                               :       රු. 500,000.00 (රුපියල් ලක්ෂ පහකි)

දණ්ඩනය ගෙවන ලද දිනය             :        2025.11.07

දණ්ඩනය පැනවීමට හේතුව:සමාගමට අදාළව මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් අවදානම් තක්සේරුවක් සිදු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම මෙම පරිපාලනමය දණ්ඩනය පනවන ලදී. මෙම අනුකූල නොවීම, අවදානම් මත පදනම් වූ එතැන් පරීක්ෂණයකදී හඳුනා ගන්නා ලදී.

සේයිස් ප්‍රයිවට් ලිමිටඩ්

දණ්ඩනය පනවන ලද දිනය:         2025.11.19

වටිනාකම                               :       රු.100,000.00 (රුපියල් ලක්ෂයකි)

දණ්ඩනය ගෙවන ලද දිනය             :       2025.12.16

දණ්ඩනය පැනවීමට හේතුව:ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම සහ සමූලඝාතක අවි ව්‍යාප්තිය සහ ඊට මුදල් සැපයීම සම්බන්ධයෙන් ඉලක්කගත මූල්‍ය සම්බාධක පැනවීමට අදාලව 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතට අනුකූලව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා (UNSCRs) යටතේ නිකුත් කරන ලද කිසියම් නම් කරන ලද ලැයිස්තුවකට එරෙහිව ගනුදෙනුකරුවන් හෝ ප්‍රතිලාභීන් සත්‍යාපනය කිරීමට සමාගම අපොහොසත් වීම හේතුවෙන් මෙම පරිපාලනමය දණ්ඩනය පනවන ලදී.

පද්ධති හා කාර්ය පටිපාටි වල ඉහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය වුව ද, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවන් යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන සමඟ සමාගම, ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වූ අවස්ථා එතැන් පරීක්ෂණයේදී අනාවරණය නොවීය.

ඉහත අනුකූල නොවීම්, අවදානම් මත පදනම් වූ එතැන් පරීක්ෂණයකදී හඳුනා ගන්නා ලදී.

ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ්

දණ්ඩනය පනවන ලද දිනය:         2026.02.17

වටිනාකම                               :       රු. 2,000,000.00 (රුපියල් මිලියන දෙකකි)

දණ්ඩනය ගෙවන ලද දිනය             :        2026.03.10

දණ්ඩනය පැනවීමට හේතුව: The administrative penalty was imposed as the Company had failed to,

i.        ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්‍යෝගයෙන් කටයුතු කිරීමේ අරමුණින් ගනුදෙනුකරුවන් සහ ප්‍රතිලාභී හිමිකරුවන්ගේ තොරතුරු ලබාගැනීමට සහ ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අපොහොසත් වීම,

ii.ගනුදෙනුකරුවන් සහ ප්‍රතිලාභී හිමිකරුවන්ගේ හඳුනාගැනීමේ ලේඛන පවත්වාගෙන යාමට සහ සංරක්ෂණය කිරීමට අපොහොසත් වීම, 

iii.සමාගමට අදාළව මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් අවදානම් තක්සේරුවක් සිදු කිරීමට අපොහොසත් වීම, සහ

iv.ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම සහ සමූලඝාතක අවි ව්‍යාප්තිය සහ ඊට මුදල් සැපයීම සම්බන්ධයෙන් ඉලක්කගත මූල්‍ය සම්බාධක පැනවීමට අදාලව 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතට අනුකූලව නිකුත් කරන ලද කිසියම් නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන වල ලැයිස්තුවලට එරෙහිව නව ව්‍යාපාරික සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේදී ගනුදෙනුකරුවන් සත්‍යාපනය කිරීමට අපොහොසත් වීම,

හේතුවෙන් මෙම පරිපාලනමය දණ්ඩනය පනවන ලදී.

පද්ධති හා කාර්ය පටිපාටි වල ඉහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය වුව ද, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවන් යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන සමඟ සමාගම, ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වූ අවස්ථා එතැන් පරීක්ෂණයේදී අනාවරණය නොවීය.

ඉහත අනුකූල නොවීම්, අවදානම් මත පදනම් වූ එතැන් පරීක්ෂණයකදී හඳුනා ගන්නා ලදී.

හාර්බ විලේජ් ප්‍රයිවට් ලිමිටඩ්

දණ්ඩනය පනවන ලද දිනය:         2026.03.18

වටිනාකම                               :       රු. 1,000,000.00 (රුපියල් මිලියනයකි)

දණ්ඩනය ගෙවන ලද දිනය             :        2026.04.09

දණ්ඩනය පැනවීමට හේතුව: 

i.ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම සහ සමූලඝාතක අවි ව්‍යාප්තිය සහ ඊට මුදල් සැපයීම සම්බන්ධයෙන් ඉලක්කගත මූල්‍ය සම්බාධක පැනවීමට අදාලව 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතට අනුකූලව නිකුත් කරන ලද කිසියම් නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන වල ලැයිස්තුවලට එරෙහිව නව ව්‍යාපාරික සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේදී සහ පවත්වා ගෙන යාමේදී ගනුදෙනුකරුවන් සත්‍යාපනය කිරීමට අපොහොසත් වීම, සහ

ii.ඉහත සඳහන් නම් කරන ලද ලැයිස්තු වරින් වර යාවත්කාලීන වන අවස්ථාවලදී, දැනට ව්‍යාපාරික සම්බන්ධතා ස්ථාපිත කර ඇති ගනුදෙනුකරුවන් එම ලැයිස්තුවලට එරෙහිව සත්‍යාපනය කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම,

හේතුවෙන් මෙම පරිපාලනමය දණ්ඩනය පනවන ලදී.

පද්ධති හා කාර්ය පටිපාටි වල ඉහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය වුව ද, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවන් යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන සමඟ සමාගම, ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වූ අවස්ථා එතැන් පරීක්ෂණයේදී අනාවරණය නොවීය.

ඉහත අනුකූල නොවීම්, පසු විපරම් එතැන් පරීක්ෂණයකදී හඳුනා ගන්නා ලදී

PDF

 

Published Date: 

Monday, July 20, 2026