ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය පිළිබඳ 2024/25 වසර සදහා වන ජාතික අවදානම් ඇගැයීමේ සංක්ෂිප්ත වාර්තාව නිකුත් කරයි

රාජ්‍ය සංවිධාන, නියාමන ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන 86ක සහයෝගීත්වය ඇති ව ශ්‍රී ලංකාව, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය පිළිබඳ ජාතික අවදානම් ඇගැයීම - 2024/25 සාර්ථක ව නිම කර ඇත. මෙම ජාතික කාර්යය සඳහා එම ආයතනවල විශේෂඥයින් 200ක පමණ පිරිසක් දායක වූහ. මෙය මෙරට තෙවන ජාතික අවදානම් ඇගැයීම වන අතර, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය පිළිබඳ අවදානම් හඳුනා ගැනීම සහ තක්සේරු කිරීම මෙම ඇගැයීමෙහි අරමුණ විය. මෙම ඇගැයීම මගින් ශ්‍රී ලංකාව මුහුණ දෙන වඩාත් ම සැලකිය යුතු මුදල් විශුද්ධිකරණ, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය පිළිබඳ තර්ජන, ඊට නතු වීමට ඇති ඉඩකඩ සහ සමස්ත අවදානම් ඉස්මතු කරයි.   

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, March 10, 2026