කේ.ජී.පී. සිරිකුමාර මහතා
නියෝජ්‍ය අධිපති
කේ.ජී.පී. සිරිකුමාර මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර වසර 25කට අධික කාලයක් විවිධ තනතුරු දරමින් සේවය කර ඇත. නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත් වීමට ප්‍රථම, ඔහු සහකාර අධිපතිවරයෙකු ලෙස වරින් වර, ව්‍යවහාර මුදල් කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය, තැන්පතු රක්ෂණ, මූල්‍ය අංශ නිරාකරණය, මූල්‍ය සහ අනෙකුත් ආයතනික සේවා ඇතුළු කාර්යයන් ගණනාවක් අධීක්ෂණය කළේ ය.  
සිරිකුමාර මහතා බැංකු හා මූල්‍ය අංශය, මූල්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ මුදල් විශුද්ධිකරණය හා ත්රස්තවාදයට අරමුදල් සැපයීමට එරෙහි නීති ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වාදීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් සිදු කර ඇත. ඔහු මූල්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා නිරාකරණ හා බලගැන්වීමේ ක්‍රියාමාර්ග මෙන් ම, බැංකුව තුළ දැඩි යහපාලන සම්මත හඳුන්වා දීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. ඔහු ජාතික ගෙවීම් කවුන්සිලයේ, මූල්‍ය ස්ථායීතා කමිටුවේ, මූල්‍ය අවදානම් කළමනාකරණ කමිටුවේ, මූල්‍ය නොවන අවදානම් කළමනාකරණ කමිටුවේ සාමාජිකයෙකු ලෙස මෙන් ම 2006 අංක 30 දරන ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ පනත යටතේ පත් කරන ලද විද්වත් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කර ඇත. ඔහු මුදල් මණ්ඩල උපදේශක විගණන කමිටුවේ සහ මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුවේ නිරීක්ෂකයකු ලෙස ද කටයුතු කර ඇත. වර්තමානයේ ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.
සිරිකුමාර මහතා ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි ලබා ඇති අතර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියක් ලබා ඇත. නීතීඥයකු වන ඒ මහතා එක්සත් රාජධානියේ ජාත්‍යන්තර අනුකූලතා සංගමයේ සාමාජිකත්වය දරයි. එසේ ම මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ අනුකූලතා පිළිබඳ ජාත්‍යන්තර ඩිප්ලෝමා ලබා ගෙන ඇත.
            







