2025 අගෝස්තු මාසයේ දී ඉදිකිරීම් කටයුතු වර්ධනය විය

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය,  2025 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 61.1ක් දක්වා ඉහළ ගියේය. ප්‍රතිචාර දැක්වූවන්ට අනුව, තාවකාලිකව අත්හිටුවන ලද ඇතැම් ඉදිකිරීම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමත් සමග ව්‍යාපෘති ලබා ගැනීමේ හැකියාව තවදුරටත් වර්ධනය වීම හේතුවෙන් ඉදිකිරීම් අංශයේ විශ්වාසය ඉහළ ගොස් ඇත.

අගෝස්තු මාසයේදී නව ඇණවුම් දර්ශකය ද ඉහළ ගියේය. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ට අනුව, මෙම මාසය තුළ දී වැඩි වශයෙන් ලැබී ඇති ව්‍යාපෘති වන්නේ මාර්ග සංවර්ධන සහ ජල සම්පාදන ව්‍යාපෘතීන් ය. ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනය සඳහා වූ ශුභවාදී බලාපොරොත්තු පිළිබිඹු කරමින්, අගෝස්තු මාසයේදී, සේවා නියුක්ති සහ තොග මිලදී ගැනුම් යන දර්ශක දෙකම ඉහළ ගියේය. මේ අතර, ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම ඉහළ යෑම  හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළ දී තවදුරටත් ඉහළ ගියේය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, September 30, 2025