ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය2025 ජූලි 09 වන දින ලක්සම්බර්ග් හි පැවති එග්මන්ට් සමූහයේ 31 වන සමුළුවේ දී, ඕමාන රාජ්‍යයේ මූල්‍ය තොරතුරු සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව, මුදල් විශුද්ධිකරණය, ඒ ආශ්රිත මූලික වැරදි සහ ත්රස්තවාදයට මුදල් සැපයීමේ වරද සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මෙම අවබෝධතා ගිවිසුම මගින් පහසුකම් සපයයි.
Published Date:
Wednesday, July 16, 2025