විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කරමින්, 2025 වසරේ ජනවාරි මාසයේ සිට මාසික ජංගම ගිණුම අතිරික්තයක් ලෙස පවතී.
2024 වසරේ අප්‍රේල් සහ 2025 වසරේ මාර්තු යන මාස දෙකටම සාපේක්ෂව 2025 වසරේ අප්‍රේල් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් විය. මෙයට හේතුව වෙළඳ භාණ්ඩ අපනයන වර්ධනයට (10.4%, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) සාපේක්ෂව වෙළඳ භාණ්ඩ ආනයනය ඉහළ වේගයකින් (17.5%, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) වර්ධනය වීමයි. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම මෝටර් රථ ආනයනය (එ. ජ. ඩො. මිලියන 134) හේතු විය.
Published Date:
Friday, May 30, 2025