ජර්මනියේ බර්ලින් නුවර පැවති ආර්ථික සංවාද මාලාවේදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා විසින් ශ්‍රී ලංකාවේ උද්ධමනය පාලනය කරගනිමින් සාර්ථකත්වය ළඟා කරගත් ආකාරය ඉදිරිපත් කරන ලදී

"උද්ධමනය ප්‍රජාතන්ත්‍රවාදය නසා දමයි: ප්‍රජාවගේ ක්‍රියාකාරීත්වයේ පදනම ලෙස රාජ්‍ය මූල්‍ය තාර්කිකත්වය" යන තේමාව යටතේ බර්ලින් නුවර පැවති ආර්ථික සංවාද මාලාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ලද ආරාධනය අනුව සහභාගී විය. මෙම උත්සවය ජර්මනියේ මුදල් අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලදී. 2022 වසරේදී වාර්තාගත ඉහළ අගයකින් පසුව ශ්‍රී ලංකාවේ උද්ධමනය පාලනය කිරීමේ සාර්ථකත්වය පිළිබදව අධිපති වීරසිංහ මහතා විසින් එහිදී කරුණු ඉදිරිපත් කළේය. ඔහුගේ දේශනයේදී, උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුව සහ රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළ අතර උද්ධමනය අවම කිරීමේ උපාය මාර්ගය සහ ක්‍රියාවලිය පිළිබඳ අත්දැකීම් ඉදිරිපත් කරන ලදී.

ජර්මනියේ මුදල් අමාත්‍ය ක්‍රිස්ටියන් ලින්ඩ්නර් මහතා; යුරෝපීය මහ බැංකුවේ සභාපති ක්‍රිස්ටීන් ලගාර්ඩ් මහත්මිය; සහ ලන්ඩන් ආර්ථික විද්‍යාලයේ මහාචාර්ය ඇල්බෙච් රිට්ච්ල් මහතා ද මෙම සමුළුවට සහභාගී වූ අනෙකුත් කථිකයන් අතර වූහ.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Thursday, November 30, 2023