කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේ දී තවදුරටත් පහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 61.0හි සිට 2022 වසරේ දෙවන භාගයේ දී පෙන්නුම් කළ පහළම අගය වාර්තා කරමින් දෙසැම්බර් මාසයේ දී සියයට 57.2 දක්වා පහළ ගියේය. එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 73.7හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 64.4 දක්වා පහළ ගියේය. මේ අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 53.4හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 54.5 දක්වා පහළ ගියේය.

කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස, 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 0.26ක් ලෙස වාර්තා විය. මෙයට ප්‍රධාන වශයෙන් දායක වූයේ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන් මාසිකව ඉහළ යෑම වන අතර,  එම දායකත්වය සියයට 0.36ක් විය. ඒ අනුව, ආහාර නොවන කාණ්ඩය තුළ, රෙදිපිළි හා පාවහන් (රෙදිපිළි), ප්‍රවාහන (ගුවන් ගමන් ගාස්තු සහ ආදායම් බලපත්‍ර ගාස්තු) සහ නිවාස, විදුලිය, ජලය, ගෑස් හා වෙනත් ඉන්ධන (එල්.පී. ගෑස්) උප කාණ්ඩවල මිල ගණන් ඉහළ ගියේය. කෙසේ වුවද, කො.පා.මි. දර්ශකයේ සමස්ත මාසික ඉහළ යෑම යම් ප්‍රමාණයකට පාලනය කරමින්, 2022 දෙසැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ දායකත්වය සියයට -0.10ක් ලෙස වාර්තා වූ අතර, මේ සඳහා, නැවුම් මත්ස්‍ය, කරවල, ලොකු ළූණු සහ පාන් මිල ගණන්හි පහළ යෑම් හේතු විය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, December 30, 2022