රුපියල සහ රුපියල් 5 කාසිවල අඩංගු ලෝහ/මිශ්‍ර ලෝහ වෙනස් කිරීම

පිත්තල ආලේපිත වානේ (රන්වන් පැහැති) මිශ්‍ර ලෝහවලින් සැදුම් ලත් රුපියල සහ රුපියල් 5 කාසි මල නො බැ‍ඳෙන වානේ (රිදී පැහැති) මිශ්‍ර ලෝහයට වෙනස් කර නව කාසි ද්විත්වයක් සංසරණයට නිකුත් කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ. රුපියල් 5 කාසියේ දාරයේ පැවැති අක්ෂර මල නො බැ‍ඳෙන වානේවලින් සැදුම් ලත් නව කාසියෙන් ඉවත් කර ඇත. 2005 වර්ෂයේ සිට නිකුත් කරනු ලැබූ රුපියල සහ රුපියල් 5 කාසිවල පැවති පරිමාණ සහ මෝස්තර ඇතුළු අනෙකුත් සියලු ම ලක්ෂණ නව කාසිවල එ ලෙස ම පවතී. 

ඉහත සඳහන් නව කාසි ශ්‍රී ලංකාව තුළ ගෙවීම් සඳහා වලංගු මුදල් වන අතර එය සංසරණයේ පවතින තුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් වනු ඇත. 

 

 

 

Published Date: 

Monday, March 13, 2017