2016 නොවැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2016 නොවැම්බර් මාසයේ දී විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. අපනයන ආදායම සුළු වශයෙන් අඩු වීම සහ ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් 2016 නොවැම්බර් මාසයේ දී වෙළෙඳ හිඟය පුළුල් විය. අන්තර් භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ මත වූ වියදම ඉහළ යෑම මූලික කොට ගෙන 2016 නොවැම්බර් මාසයේ දී ආනයන වියදම කැපී පෙනෙන ලෙස වැඩි විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සුළු වශයෙන් අඩු වුව ද, සංචාරක ඉපැයීම්වල හිතකර වර්ධනයක් පැවතුණි. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ ලැබීම් සහ රජය විසින් ලබා ගත් දිගු කාලීන ණය මඟින් ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම ශක්තිමත් වුව ද, 2016 වසරේ නොවැම්බර් මාසයේ දී රාජ්‍ය සුරැකුම් වෙළෙඳපොළ වෙතින් ශුද්ධ ගෙවීමක් දැකිය හැකි විය.  

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, March 10, 2017