ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් කළ බව පවසමින් විවිධ වෙබ් අඩවිවල, සමාජ මාධ්‍යන්හි පළ වන සාවද්‍ය ප්‍රවෘත්ති වාර්තා

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා පළ කරන ලදැයි කියනු ලබන ලිපියක සිංහල පරිවර්තනයක් ලෙස හුවා දක්වමින් පළ කෙරෙන ප්‍රවෘත්ති කිහිපයක් මේ දිනවල විවිධ වෙබ් අඩවිවල සහ සාමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙමින් පවතියි. 

උද්ධමනය ගැටලුව නොව පරිපූර්ණ විසඳුමයි.......මේ ආර්ථික අර්බුදය අපට වූ හොඳම දෙයයි........මහ බැංකු අධිපති ඓතිහාසික දෙසුමක” යන මාතෘකාව හෝ ඊට සමාන මාතෘකා යටතේ මෑතක දී සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය ද එයට එක් උදාහරණයකි. 

මෑතක දී "Inflation is not a problem, but a solution"  යන මැයෙන් වෙනත් පුද්ගලයකු විසින් වෙබ් අඩවියක ලිපියක් පළ කර ඇති අතර එම ලිපියේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හෝ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ කිසිදු වගකීමක් නොදරන බව ද අවධාරණය කර සිටිමු.

Published Date: 

Tuesday, August 16, 2022