විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 ජනවාරි

අඛණ්ඩව අටවැනි මාසයටත් එ.ජ ඩොලර් බිලියනය ඉක්ම වූ ඉහළ අපනයන ඉපැයීම් මධ්‍යයේ වුව ද, ආනයන වියදම අඛණ්ඩව ඉහළ යෑම හේතුවෙන් 2021 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2022 වසරේ ජනවාරි මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය පුළුල් විය. සංචාරක පැමිණීම් පෙර වසරේ එම මාසයට වඩා, 2022 වසරේ  ජනවාරි මාසයේ දී කැපී පෙනෙන ලෙස යථා තත්ත්වයට පත් වීමක් පෙන්නුම් කළ අතර, 2022 වසරේ ජනවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල මන්දගාමී බවක් නිරීක්ෂණය විය. මේ අතර, ශ්‍රී ලංකාව 2022 ජනවාරි මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සාර්ථකව පියවන ලදී. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා මුල්‍ය සංවිධානය යටතේ ඉන්දියානු සංචිත බැංකුවෙන් එ.ජ. ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු පහසුකම ලැබීමත් සමඟ, මාසය තුළ ගෙවුම් ශේෂයේ මූල්‍ය ගිණුම ශක්තිමත් විය. ජනවාරි මාසයේ එ.ජ ඩොලරයට රුපියල් 200-203 පරාසයේ පැවති අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය, 2022 වසරේ  මාර්තු මස 07 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විනිමය අනුපාතිකයට වැඩි නම්‍යශීලී බවක් ලබා දීමත් සමඟ ඉහළ ගියේය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, April 1, 2022