ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2021 දෙසැම්බර්

නිෂ්පාදන අංශයෙහි ක්‍රියාකාරකම්හි වර්ධනය තව දුරටත් පවත්ව‍ා ගැනීම පිළිබිඹු කරමින් නිෂ්පාදන අංශයෙහි ගැණුම් කළමණාකරුවන්ගේ දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂව 2021 දෙසැම්බර් මාසයේ දී 58.1ක අගයක් වාර්තා කරමින් ඉහළ යන ලදී. මේ සඳහා නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතු වූ අතර සේවා නියුක්තිය උප දර්ශකය හැර අනෙක් සියලුම උප දර්ශකයන්ගේද වර්ධනයන් වාර්තා විය.

නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකයන් හි වර්ධනය කෙරෙහි උත්සව සමය හේතුවෙන් ආහාර හා පාන අංශයේ ඇති වූ ඉල්ලුම හේතු විය. රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයෙහි ද නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකයන් සුළු වර්ධනයක් පෙන්නුම් කරන ලදී. කෙසේ වුව ද, සේවා නියුක්තිය උප දර්ශකය නොවැම්බර් මාසයට සාපේක්ෂව 2021 දෙසැම්බර් මාසයේ දී පහත වැටුණි. නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක වලට සාපේක්ෂව තොග මිලදී ගැණුම්  උප දර්ශකය අඩු වේගයකින් වර්ධනය විය. ‍‍බොහෝ ප්‍රතිචාර දක්වන්නන් සඳහන් කළ පරිදි එළඹෙන චීන අලුත් අවුරුදු නිවාඩුවට පෙර තොග සැලකිය යුතු ලෙස එක් රැස් කිරීමට අවශ්‍යතාවයක් පැවතිය ද ආනයන ආශ්‍රිත ගැටලු‍ හේතුවෙන් එය සිදු කළ හැකි වූයේ යම් ප්‍රමාණයකට පමණි.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, January 18, 2022