සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශය

සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෑත කාලයේ දී මාධ්‍ය වාර්තා ගණනාවක් ප්‍රකාශයට පත් වී ඇත. 

මේ වන විට, මුදල් මණ්ඩලයේ උපදෙස් මත, 2015 හා 2016 වසරවල දී රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ සේවක අර්ථසාධක අරමුදල විසින් සිදු කරන ලද ගනුදෙනු සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතී. මෙ වැනි පරීක්ෂණයක දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින් සිදු කළ කටයුතු ද පරීක්ෂාවට ලක් වන හෙයින්, 2015 හා 2016 වසරවල දී රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම් හා ඒ හා සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් බාහිර ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන මෙන් නීති ක්‍රියාත්මක කරන බලධාරීන් වෙතින් ද ඉල්ලා ඇත. 

සේවක අර්ථසාධක අරමුදලේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්, විශේෂයෙන් ම එහි ආයෝජන සම්බන්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, පසුගිය මාස 6 ක කාල සීමාව තුළ මුදල් මණ්ඩලය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. මෙකී ක්‍රියාමාර්ග මගින් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් තවදුරටත් තහවුරු වනු ඇත. 

 

Published Date: 

Monday, January 23, 2017