
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2018 ජූනි මස 19 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිනි. සුරැකුම්පත් අංශයට අදාළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අවදානම් මත පදනම් වූ ප්‍රවේශය පදනම් කර ගත් අධීක්ෂණ සොයා ගැනීම්වලට අදාළ තොරතුරු හුවමාරු කර ගැනීමේ රාමුවක් සැකසීම මෙහි පරමාර්ථය විය.









ශ්ර්රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වූූ දේශමාන්‍ය අමරානන්ද සෝමසිරි ජයවර්ධන මහතා අවුරුදු 82ක් ආයු වළඳා 2018 මැයි 29 වන දා අභාවප්ර්රාප්ත වූූ බව සංවේගයෙන් දන්වා සිටිමු.