කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 අගෝස්තු මාසයේ දී සියයට 64.3ක් වශයෙන් වාර්තා විය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජූලි මාසයේ පැවති සියයට 60.8හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 64.3ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජූලි මාසයේ පැවති සියයට 90.9හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 93.7 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජූලි මාසයේ පැවති සියයට 46.5හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 50.2 දක්වා ඉහළ ගියේය. 

2022 අගෝස්තු මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 2.45ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 0.83කින් සහ සියයට 1.62කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, නැවුම් මත්ස්‍ය, පලතුරු, පාන්, බිස්කට්, බිත්තර සහ කුකුල් මස්  මිල ගණන් ඉහළ ගියේය. එසේ වුවද,  සහල් සහ පරිප්පු මිල ගණන් වල පහළ යෑමක් මෙම මාසය තුළ දී වාර්තා විය. මේ අතර, ආහාර නොවන කාණ්ඩය තුළ 2022 අගෝස්තු මාසයේ දී, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (විදුලි බිල සහ නඩත්තු කටයුතු/පිළිසකර කිරීම්), ප්‍රවාහන (පාසල් ප්‍රවාහන ගාස්තු සහ ගුවන් ගමන් ගාස්තු), රෙදිපිළි සහ පාවහන් සහ විවිධ භාණ්ඩ සහ සේවා යන උප කාණ්ඩයන්හි  අයිතමවල මිල ගණන් ඉහළ ගියේය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Wednesday, August 31, 2022