ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 ජුනි මාසයේ දී ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 මැයි මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 6.3 දක්වා ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ඒ අනුව, 2020 මැයි මාසයේ දී සියයට 11.1හි පැවැති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජුනි මාසයේ දී සියයට 13.6 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජුනි මාසයේ දී සියයට 0.8හි නො වෙනස් ව පැවතුණි

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2020 මැයි මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගියේ ය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Tuesday, July 21, 2020