2018 මාර්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2018 මාර්තු මාසයේ දී විදේශීය අංශයේ මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් දක්නට ලැබිණ. ආනයන වියදම් අඛණ්ඩ ව ඉහළ ගිය ද, 2018 මාර්තු මාසයේ දී අපනයන මෙතෙක් වාර්තා වූ ඉහළ ම අගය වාර්තා කළ අතර, වසරේ පෙර මාස දෙකෙහි පැවති ප්‍රවණතාව වෙනස් වී වෙළෙඳ හිඟය අඩු කිරීම සඳහා එය දායක විය. 2018 ජනවාරි මාසයේ සිට දක්නට ලැබුණු යහපත් ප්‍රවණතාව අඛණ්ඩ ව පවත්වා ගනිමින් සංචාරක ඉපැයීම් 2018 මාර්තු මාසයේ දී ද සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. 2018 පෙබරවාරි මාසයේ දී අඩු වීමක් වාර්තා කළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද මෙම මාසය තුළ දී ඉහළ ගියේ ය. මේ අතර, විශේෂයෙන් ම, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් විදේශීය ආයෝජන ඉවත් කර ගැනීමත් සමඟ මාර්තු මාසයේ දී ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුමේ ගෙවීම් ඉහළ යෑමක් දක්නට ලැබිණ. රටෙහි දළ නිල සංචිත ප්‍රමාණය හිතකර මට්ටමක පැවතුණි.

 

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, May 31, 2018