ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වූූ දේශමාන්‍ය ඒ. එස්. ජයවර්ධන මහතා අභාවප‍්‍ර‍්‍රාප්ත වෙයි

ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වූූ දේශමාන්‍ය අමරානන්ද සෝමසිරි ජයවර්ධන මහතා අවුරුදු 82ක් ආයු වළඳා 2018 මැයි 29 වන දා අභාවප‍්‍ර‍්‍රාප්ත වූූ බව සංවේගයෙන් දන්වා සිටිමු.

1995 නොවැම්බර් සිට 2004 ජූූනි දක්වා මහ බැංකු අධිපති ධුරය හෙබවූූ ජයවර්ධන මහතා ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුවේ 10 වන අධිපතිවරයා ය. 1958 ශ්‍රී මහ බැංකු සේවාවට එක් වූූ ඒ මහතා මහ බැංකුවේ ලේකම් දෙපාර්තමේන්තුවේ සහ ආයතන දෙපාර්තමේන්තුවේ සේවයෙන් අනතුරු ව 1977 සිට 1980 දක්වා ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ ධුරය දැරී ය.

1980-1981  වකවානුවේ මහ බැංකුවේ අධිපති සහකාර සහ විධායක අධ්‍යක්‍ෂ යන තනතුරු දැරූ ජයවර්ධන මහතා 1981  සිට 1986 දක්වා ජාත්‍යන්තර මූූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළේ ය. 1986 සිට 1989 දක්වා ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරය දැරූ ඔහු 1993 සිට 1994 දක්වා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති ධුරය දැරී ය. 

විවිධ අංශ සම්බන්ධයෙන් එතුමා සතු සේවා අත්දැකීම් සහ විශේෂඥ දැනුම නිසා ම විවිධ අවස්ථාවල දී රාජ්‍ය ආයතන කිහිපයක ම උසස් තනතුරු සඳහා මහ බැංකු සේවාවෙන් නිදහස් කරන ලදි. 1976-77 කාලයේ ලංකා බැංකුවේ මහා කළමනාකාර/ප‍්‍ර‍්‍රධාන විධායක තනතුර දැරූ ජයවර්ධන මහතා 1989 දී එහි සභාපති පදවියට ද ශ‍්‍ර‍්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ සහාපති පදවියට ද පත්විය. 1989-1993 කාලයේ කර්මාන්ත, විද්‍යා සහ තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ එතුමා 1994-1995 කාලයේ මහා භාණ්ඩාගාරයේ ලේකම් සහ මුදල් හා ක‍්‍ර‍්‍රමසම්පාදන, ජනවාර්ගික කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළේ ය. එතුමා 1965 සිට 1976 දක්වා කාලය තුළ ශ‍්‍ර‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යා බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කළේ ය.

මාතලේ ශාන්ත තෝමස් සහ කොළඹ රාජකීය විද්‍යාලවල දීප්තිමත් ශිෂ්‍යයකු වූූ ජයවර්ධන මහතා 1957 දී පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත‍්‍ර‍්‍රවේදී (ගෞරව) උපාධිය ලැබී ය. 1965 දී ලන්ඩන් ආර්ථික විද්‍යා විද්‍යාලයෙන් රාජ්‍ය අංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය ලබාගත් එතුමා 1975 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය මූූල්‍යය විෂයය විශේෂ කොටගත් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාද් උපාධියක් ද ලැබී ය. හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාලය තුළ දී එතුමා එඩ්වඩ් මේසන් ආශ‍්‍ර‍්‍රිත සාමාජිකත්වයෙන් ද පිදුම් ලැබී ය. රට වෙනුවෙන් ඉටු කළ මෙහෙවර අගයනුවස් 2005 දී ජයවර්ධන මහතා දේශමාන්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබී ය.

එතුමාගේ දේහය නුගේගොඩ, සුභද්‍රාරාම පටුමගේ, නෙළුම් මාවතේ අංක 89/1 දරන නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු 2018 ජූූනි 01 වන දා සිකුරාදා සවස 4.00ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.

 

Published Date: 

Wednesday, May 30, 2018