ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 මැයි

2019 මැයි මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් යථා තත්ත්ත්වයට පත් විය. ඒ අනුව, 2019 අප්‍රේල් මාසයට සාපේක්ෂ ව දර්ශකාංක 9.7ක් ඉහළ යමින්, දර්ශක අගය 50.7ක් ලෙස වාර්තා විය. විශේෂයෙන් ම රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම් සහ නව ඇණවුම්වල සිදු වූ සැලකිය යුතු ඉහළ යාම, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ මෙම ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය. පසුගිය මාසයෙන් එකතු වූ ඇණවුම් සම්පූර්ණ කිරීම සඳහා කර්මාන්ත ශාලාවන්හි සිදු කරන ලද අමතර රාජකාරී හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ ගියේ ය. අතපසු වූ ඇණවුම් සම්පූර්ණ කර ගැනීම සඳහා මැයි මාසය තුළ දී සතියේ දිනවල මෙන් ම සති අන්තයේ ද අමතර රාජකාරි කිරීමට සිදු වූ බව රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයේ බොහෝමයකගේ ප්‍රතිචාරය විය.

සම්පුර්ණ ලිපිය

 

Published Date: 

Friday, June 14, 2019