ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - අගෝස්තු 2023

2023 අගෝස්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් සේවා ක්‍රියාකාරකම්වල ඉහළ යෑමක් ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සුළු වශයෙන් පහළ යෑමක් ද පෙන්නුම් කරන ලදී.

පසුගිය මාසවලට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි වැඩිදියුණු වීමක්  සළකුණු කරමින්, ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 අගෝස්තු මාසයේදී දර්ශකාංක 49.3ක අගයක් වාර්තා කරමින් කඩඉම් මට්ටම කරා ආසන්න විය. තවද,  උප-දර්ශක සලකන විටදී, නව ඇණවුම් සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසයේදී ඉහළ ගිය අතර නිෂ්පාදන සහ සේවා නියුක්තිය තවදුරටත් කඩඉම් මට්ටමට පහළ අගයක පැවතුණි.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, සේවා ක්‍රියාකාරකම්හි අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, 2023 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 57.6ක් වාර්තා කළේය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය. කෙසේ වුවද, අගෝස්තු මාසය තුළ දී සේවා නියුක්තිය නොවෙනස්ව පැවති අතර, නිමකිරීමට නියමිත කාර්යයන් අඩු අගයක පැවතුනි. 

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, September 15, 2023