විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 දෙසැම්බර්

2023 වසරේ වෙළඳ ගිණුමේ හිඟය 2010 වසරින් පසු වාර්තා වූ අවම වෙළඳ හිඟය වූ අතර, ඒ සඳහා අපනයන ආදායම පහළ යෑමට වඩා වැඩි අගයකින් ආනයන වියදම පහළ යෑම දායක විය.

2022 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2023 වසරේ දෙසැම්බර් මාසයේ දී වෙළඳ හිඟය පුළුල් විය. කෙසේ වෙතත්, ආනයන සීමා කිරීම් මෑත කාලීනව ලිහිල් කිරීම හමුවේ වුවද, ආනයන අඛණ්ඩව පහළ මට්ටමක පැවතුනි.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2023 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 6ක පමණ ශක්තිමත් මට්ටමක් වාර්තා කළ අතර 2021 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව වාර්තා වූ ඉහළම මාසික අගය 2023 වසරේ දෙසැම්බර් මාසයේ දී වාර්තා විය.

සංචාරක පැමිණීම්වල කැපී පෙනෙන වර්ධනය හේතුවෙන් 2023 වසර සඳහා වූ සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් බිලියන 2ක් ඉක්මවා ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජන 2023 වසරේ දී ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.

2023 වසරේ දෙසැම්බර් මස අවසානය වන විට දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 4.4ක් දක්වා කැපී පෙනෙන ලෙස වර්ධනය වූ අතර 2023 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල සියයට 12.1කින් අතිප්‍රමාණය විය.

සම්පුර්ණ ලිපිය

 

Published Date: 

Wednesday, January 31, 2024