විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 ජූනි

දේශීය ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් සාමාන්‍ය වීමත් සමඟ, ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2020 වසරේ ජූනි මාසයේ දී තවදුරටත් ස්ථාවර විය. භාණ්ඩ අපනයන නැවත යථා තත්ත්වයට පත් වීම අපේක්ෂිත මට්ටම ඉක්මවා සිදු වීම සහ අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා පනවා ඇති සීමාවන් හේතුවෙන් භාණ්ඩ ආනයනය සැලකිය යුතු ලෙස අඩු වීමත් සමඟ, පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 2020 වසරේ ජූනි මාසයේ දී වෙළඳ හිඟය අඩු විය. කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීමෙන් පසු ප්‍රථම වතාවට විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ජූනි මාසයේ දී වර්ධනයක් වාර්තා කළේය. මෙම මාසය තුළ, රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් ගෙවීම් වාර්තා විය. වෙළඳ හිඟය අඩු වීම හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල 2020 වසරේ ජූනි මාසයේ දී සුළු අතිප්‍රමාණය වීමක් වාර්තා කළේය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, August 14, 2020