නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් හි ව්‍යාපාර කටයුතු අත්හිටුවයි

ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා බල පැවැත්වෙන නියාමනයන්ට අනුකූල වීමට නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට අඛණ්ඩ ව ම නො හැකි වීම සලකා බලමින් ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් සිදු කරනු ලැබිය හැකි ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2019 මැයි මස 31 වැනි දින පස්වරු 4.30 සිට බල පැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2019.05.30 දින පවත්වන ලද මුදල් මණ්ඩල රැස්වීමේ දී තීරණය කරන ලදී.

මෙම නියාමන ක්‍රියාමාර්ගය රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ කටයුතු කෙරෙහි අගතිදායක ලෙස බල නොපාන බවට සහතික වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ඇත. තව ද නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමේ ගනුදෙනුකරුවන්ගේ සහ ප්‍රතිපාර්ශවයන්ගේ හිමිකම්වලට හානි නො වන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ද නිසි පරිදි ගනු ඇත.

Published Date: 

Friday, May 31, 2019