ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 අප්‍රේල් මාසයේ දී තවදුරටත් පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 මාර්තු මාසයේ පැවති සියයට 7.0හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 5.9 දක්වා පහළ ගියේ ය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම සහ 2019 අප්‍රේල් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. ඒ අනුව, 2020 මාර්තු මාසයේ දී සියයට 14.1හි පැවති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 අප්‍රේල් මාසයේ දී සියයට 12.2 දක්වා පහළ ගියේ ය. මේ අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ද, 2020 මාර්තු මාසයේ දී පැවති සියයට 1.8හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 1.1 දක්වා පහත වැටුණි.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස, 2020 මාර්තු මාසයේ පැවති සියයට 4.9හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 5.1 දක්වා ඉහළ ගියේ ය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, May 21, 2020