ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 මාර්තු මාසයේ දී පහළ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)   ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 පෙබරවාරි මාසයේ පැවති සියයට 8.1හි සිට 2020 මාර්තු මාසයේ දී සියයට 7.0 දක්වා පහළ ගියේ ය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම මේ සඳහා හේතු විය. ඒ අනුව, 2020 පෙබරවාරි මාසයේ දී සියයට 16.3හි පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 මාර්තු මාසයේ දී සියයට 14.1 දක්වා පහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයේ 2020 මාර්තු මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 1.8ක් විය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Wednesday, April 22, 2020