ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 ජනවාරි මාසයේ දී ඉහළ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)   ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 දෙසැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2020 ජනවාරි මාසයේ දී සියයට 7.6 දක්වා ඉහළ ගියේ ය. ආහාර සහ ආහාර නො වන කාණ්ඩ දෙකෙහි ම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 දෙසැම්බර් මාසයේ දී පැවති සියයට 8.6හි සිට 2020 ජනවාරි මාසයේ දී, 2017 නොවැම්බර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළ ම අගය වන, සියයට 13.7 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. තව ද, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජනවාරි මාසයේ දී සියයට 3.0ක් ලෙස වාර්තා විය. 

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Monday, February 24, 2020