කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 මැයි මාසයේ දී තවදුරටත් පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද., 2013 = 100)  ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 මැයි මාසයේ දී සියයට 4.0 දක්වා පහළ ගිය අතර, 2019 මැයි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පුර්ණ වශයෙන් දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 13.2හි සිට 2020 මැයි මාසයේ දී සියයට 9.9 දක්වා පහළ ගියේ ය. තව ද, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ද 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 2.1හි සිට 2020 මැයි මාසයේ දී සියයට 1.6 දක්වා පහළ ගියේ ය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, May 29, 2020